Tuesday, October 11, 2011

Chillar Party (2011)



මෙම ළමා චිත්‍රපටය පොඩි පිරිමි ළමයින් 08 දෙනෙකුගේ කතාවක්. මොවුන් සියලුම දෙනා ජීවත් වෙන්නේ එකම කොලනියක. ඒ නිසා මේ යාලුවෝ ටික එකටම තමා සෙල්ලම් කරන්නේ. මේ 8 දෙනාගේ තරහකාරයෝ ටිකකුත් ඉන්නවා මේ කොලනියෙම. ඒ අතරින් එක්කෙනෙක් තමා බල්ලෙක්. මේ ලමයින් දගකාරයි, අපිට අපේ පොඩි කාලේ මතක් වෙනවා. හැබැයි අපිට වඩා මේ ළමයින් දැන් දියුණුයි. මේ දගකාරයන්ගේ කණ්ඩායමට කොලනියේ අය දාපු නම තමා Chillar Party කියන්නේ. කොහොම වුණත් මේ කලනියේ අය මේ ළමයින්ට කැමතියි.

මම කිව්වානේ මේ පොඩි අය ටික බල්ලොන්ට කැමති නෑ කියලා, ඔන්න දවසක් තව බල්ලෙක් කොලනියට එනවා, එයාගේ නම බිදූ. මේ බල්ලාව අරගෙන එන්නේ අනාථ ලමයෙක් වෙන ෆත්කා විසින්. Chillar Party එක මුලදී මේ දෙන්නාව එලවගන්න හැදුවත් අන්තිමට ඒ කණ්ඩායමට මේ අලුත් යාලුවෝ දෙන්න නැතුව බැරි වෙනවා. ඉතින් චිත්‍රපටය බාගෙන බලන්න මේ දගයෝ කණ්ඩායමේ වැඩ කොහොමද කියලා.

එපාවෙන්නේ නැතිව බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්, පොඩිහිටි වැඩිහිටි සේරටම එකට ඉදගෙන බලන්න පුලුවන්.

මෙහි රංගනයෙන්, Irrfan Khan, Sanath Menon, Rohan Grover, Naman Jain, Aarav Khanna, සහ Vishesh Tiwari යන අය දායක වෙනවා. Ranbeer Kapoor Item Number එකක් කරනවා මෙහි. ( ඉන්දියාවේ ප්‍රථම Item – Boy). නිෂ්පාදනය Ronnie Screwvala, Salman Khan විසින්, අධ්‍යක්ෂණය Nitesh Tiwari, Vikas Bahl විසින්.
මෙය තිරගත වෙන්න පටන් ගත්තේ මේ මාසේ එනම් 2011 ජූලි මස 08 වෙනිදා සිටයි.




ඉංග්‍රිසි උපසිරැසි සහිතයි.

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t