Tuesday, October 11, 2011

Facebook Chat එක Firefox Sidebar එකට දා ගමු...



හා... කොහොමද? ඉතින් කස්ටිය හොඳින් ඉන්නවා නේද?... ඔන්න මම අදත් Facebook Trick එකක් අරගෙන ආවා. ගොඩක් අය Facebook එකේ Chat කරනවනේ නේද?... Chat කරන ගමන් වෙන වෙබ් පිටු වල කරක්ගහන්න ටිකක් කරදරයි නේ නේද?... ඔන්න මම අද කියල දේන්න යන්නේ කොහොමද Facebook Chat Box එක Firefox Sidebar එකට දා ගන්නේ කියලා... හරි අපි බලමු...

පලමු පියවර:
මුලින්ම කරන්න ඕන Menu Bar එකේ Bookmarks වල Organize Bookmarks... තොරන්න. එතකොට Library කියන Window එක අපිට ලැබෙනවා. Library Window එකේ Sidebar එකේ තියෙන Bookmarks Tooldar Select කරන්න. ඉන් පස්සෙ Library Window එකේ උඩ තියෙන Organize කියන එක උඩ Click කරලා New Bookmarks... තෝරන්න. එතකොට අලුත් Bookmark එකක් හදා ගන්න ඕන කරන New Bookmarks Window එක අපිට ලැබෙනවා.

දෙවන පියවර:
New Bookmarks Window එකේ Name කියන තැනට Facebook Chat ලෙස ලබා දෙන්න. Location කියන තැනට http://www.facebook.com/presence/popout.php ලෙස ලබා දෙන්න. ඉන් පසු Load this bookmark in sidebar හි ටික් එක දමා OK විදානය ලබා දෙන්න.
  • Name: Facebook Chat
  • Location: http://www.facebook.com/presence/popout.php
  • Check Load this bookmark in sidebar.
තුන්වන පියවර:
ඉන් පසුව Firefox හි View Menu තුලින් Sidebar >>> Bookmarks තෝරන්න. එවිට Sidebar එක ලැබෙන අතර ඒ තුල ඔබගේ සියලුම Bookmarks පෙන්වයි. එම අතරින් පහලටම වන්නට ඔබ දැන් නිර්මානය කල Facebook Chat Bookmark එක දැකගත හැකි අතර එය මත Click කර Facebook Chat Box එක Firefox Sidebar එකට ගෙන්වා ගත හැකිය. ඔන්න ඉතින් දැන් Facebook එකේ Chat කරන ගමන් වෙන වෙන වෙබ් පිටු වලත් කරක්ගහන්න පුලුවන්. පට්ට නේද? කරලම බලන්නකො... ප්‍රශ්නයක් අවොත් Comment එකක් දාන්න.

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t