වරදට සමාව දෙන්න
සොඳුරිය එපා හඬන්න
ගිනි දැල් නිවා දමන්න
රන් කඳ මගේම වන්න
දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුද හිටියෙ හරහට
ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳවෙන කඳුලු කැට දිගේ
සෙනෙහස කඩා බිඳවැටේ

waradata samawa
කුරුටු ගෑ වදන් පෙල
අතර තිබු හිඩෑස් වල
ලියවිලා පල නොකල
හෑගුම් නොහෑගුනි උදුල
ල0වෙනා මොහොතින් මොහොත
වෙන්වෙලා දුර ඈතකට යන
සිත්පුරා හෑගුමන් නිදන් වන
තත්පරය දිගුවෙනා අරුමය
සහන් එළි තව ඈත දිදුලන
පියෙන් පිය තබමින් සෙමෙන් යන
නුබේ දිවියට සදා සරණය
ලියා නොලියා තෑබූ ප්‍රේමය

kurutu ge wadan
එකෝමත් එක කාලයක
නුඹට මතකද
සොඳුරිය..,
දෙගුරුන්ට මුවාවේ
විදු පියස යට
අප බැඳි සොඳුරු පෙම....
කාත් කවුරුත් නැති
සුරංගනා ලොකවල
පාවෙමින්
තනිව
ප්‍රේමයෙන් වෙලී උන්
එ'සමය,
ගෙවී ගොස් කාලය
සිදී ඇති මුත් ප්‍රේම ගං තීරය,
සත්තකින්
තමත් මා කෑදරයි
අතිතයේ වැළියට
සැගවි
ඒ කාලයට.............

ekamath eka
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නගෙනා...
සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...
වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු බවයේ...

kath kaurut
උන්මාද සිතුවම් මැවේ බිදේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
පාලු හුදකලා සුලග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මත
තනිවේවි එක්ටැම් ගේ
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවේවි එක්ටැම් ගේ

unmada sithuwam