Tuesday, October 11, 2011

Tees Maar Khan (2010)


ඔන්න අද මම අරගෙන ආවේ පසුගිය වසරේ වඩාත් සාර්තක වුණු තවත් චිත්‍රපටයක්. පසුගිය වසරේ අන්තිමටම වගේ තිරගත වුණු චිත්‍රපටයක් තමා මේක. හරියටම කියනවානම් 2010 දෙසැම්බර් 24 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් ගත්තේ. හිනාවෙවී හොදට රස විදින්න පුලුවන් චිත්‍රපටයක්.

මම කතාවත් ටිකක් කියන්නම්කෝ. Tees Maar Khan කියන අනවර්ත නාමයෙන් පෙනී සිටින්නේ Tabrez Mirsa Khan නම් ලෝක හොරෙක්. ලෝක හොරෙක් කියන්නේ උපන්දා පටන්ම හොරකම් කරන කෙනෙක්. ඇයගේ පෙම්වතිය තමයි Anya, ඇය රගපෑම ගැන පිස්සුවෙන් සිටින කෙනෙක්. රගපාන්න දෙනවානම් ඕනම දෙයක් කරන්න සූදානම් තැනැත්තියක්.

ඔන්න මේ TMK ( Tees Maar Khan) දවසක් ප්ලෑන් කරනවා ඇන්ටික් බඩු වගයක් හොරකම් කරන්න. මේ වටිනා ඇන්ටික් බඩු ටික දුම්රියේ විශාල ආරක්ෂාවක් ඇතිව තමා ගෙනියන්නේ. ඉතිං මොකක්ද දන්නවාද මේ TMK ගේ ප්ලෑන් එක. පොලිස් ආරක්ෂාව සහිතවම මේ බඩු ටික හොරාගන්න එක.

මොහු කරන්නේ එම දුම්රිය ගමන් මාර්යේ තියෙන දුෂ්කර ගමකට ගිහින් එම ගම් වැසියන්ට කියනවා තමන් මේ ගමේ චිත්‍රපටයක් රූ ගත කරන්න යන්නේ, ගම් වැසියන් සියල්ලම රගපාන්න ගන්නවා කියලා. ඇත්තටම මෙහි ප්‍රධාන චරිත වලට ඔස්කාර් සම්මානයක් දිනාගැනිමේ පිස්සුවෙන් සිටින නලුවෙකුත්, TMK ගේ පෙම්වතිය වන Anya ත් යොදා ගන්නවා. ඔහුගේ ප්ලෑන චිත්‍රපටයේ දර්ශනයක් ලෙස අර දුම්රියේ තියෙන ඇන්ටික් බඩු ටික පැහැර ගැනීම. ඒත් වෙන්නේ එම දුම්රිය සතියක් පරක්කු වෙනවා. ඒ නිසා ඇත්තටම ඔහුට චිත්‍රපටය කරන්න සිද්ධ වෙනවා.

දැනට ඇති කතාව මම ගොඩාක් කිව්වා, ඔයාලත් බලන්නකෝ ඔහුට හොරකම හොදට කරන්න පුලුවන්ද නැත්නම් චිත්‍රපටය හොදට කරන්න පුලුවන් වෙයිද කියලා. හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්, හැමෝම බාගෙන බලන්න.

මෙහි ප්‍රධාන චරිත Akshay Kumar, Katrina Kaif , Akshaye Khanna විසින් රගපානවා. අධ්‍යක්ෂණය Farah Khan විසින්, නිෂ්පාදනය Twinkle Khanna විසින්. විශේෂම දෙයක් තමා මෙහි අඩංගු ගීත. හරිම ලස්සනයි. සංගීතය Vishal – Sekhar විසින්.

මෙහි අඩංගු වෙන Sheela ki Jawani ගීතය බෙහෙවින්ම ජනප්‍රිය වුණා.

මෙන්න සිංදු ටිකත් අහලා බලන්න.



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t