Showing posts with label Maxxa Softwares. Show all posts
Showing posts with label Maxxa Softwares. Show all posts

Tuesday, October 11, 2011

ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න...


හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.


ඊට පස්සෙ පහලින් දාලා තියෙන රූපේ විදියෙ වින්ඩෝ එකක් ලැබෙනවා. ඔයාලට විස්තර හොයන්න ඕන කරන ටෙලිකොම් නම්බර් එක දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. නම්බර් 10ම දාන්න ඕකේ.


එහෙනම් පහලින් බා ගන්නකෝ. ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ. මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා දාගෙන ඉන්න. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක බාලා වැඩේ කරලා බලන්න. පට්ට ඈ...

Download SLT Reverse Directory 2011 - 109.22 MB




Share/Bookmark

Facebook Chat එක Firefox Sidebar එකට දා ගමු...



හා... කොහොමද? ඉතින් කස්ටිය හොඳින් ඉන්නවා නේද?... ඔන්න මම අදත් Facebook Trick එකක් අරගෙන ආවා. ගොඩක් අය Facebook එකේ Chat කරනවනේ නේද?... Chat කරන ගමන් වෙන වෙබ් පිටු වල කරක්ගහන්න ටිකක් කරදරයි නේ නේද?... ඔන්න මම අද කියල දේන්න යන්නේ කොහොමද Facebook Chat Box එක Firefox Sidebar එකට දා ගන්නේ කියලා... හරි අපි බලමු...

පලමු පියවර:
මුලින්ම කරන්න ඕන Menu Bar එකේ Bookmarks වල Organize Bookmarks... තොරන්න. එතකොට Library කියන Window එක අපිට ලැබෙනවා. Library Window එකේ Sidebar එකේ තියෙන Bookmarks Tooldar Select කරන්න. ඉන් පස්සෙ Library Window එකේ උඩ තියෙන Organize කියන එක උඩ Click කරලා New Bookmarks... තෝරන්න. එතකොට අලුත් Bookmark එකක් හදා ගන්න ඕන කරන New Bookmarks Window එක අපිට ලැබෙනවා.

දෙවන පියවර:
New Bookmarks Window එකේ Name කියන තැනට Facebook Chat ලෙස ලබා දෙන්න. Location කියන තැනට http://www.facebook.com/presence/popout.php ලෙස ලබා දෙන්න. ඉන් පසු Load this bookmark in sidebar හි ටික් එක දමා OK විදානය ලබා දෙන්න.
  • Name: Facebook Chat
  • Location: http://www.facebook.com/presence/popout.php
  • Check Load this bookmark in sidebar.
තුන්වන පියවර:
ඉන් පසුව Firefox හි View Menu තුලින් Sidebar >>> Bookmarks තෝරන්න. එවිට Sidebar එක ලැබෙන අතර ඒ තුල ඔබගේ සියලුම Bookmarks පෙන්වයි. එම අතරින් පහලටම වන්නට ඔබ දැන් නිර්මානය කල Facebook Chat Bookmark එක දැකගත හැකි අතර එය මත Click කර Facebook Chat Box එක Firefox Sidebar එකට ගෙන්වා ගත හැකිය. ඔන්න ඉතින් දැන් Facebook එකේ Chat කරන ගමන් වෙන වෙන වෙබ් පිටු වලත් කරක්ගහන්න පුලුවන්. පට්ට නේද? කරලම බලන්නකො... ප්‍රශ්නයක් අවොත් Comment එකක් දාන්න.

Share/Bookmark

Kaspersky Internet Security 2012 ජෙනුයින් එක free

ගොඩක් අය කැමති වයිරස් ගාඩ් එකක් නෙ Kaspersky Internet Security 2012 කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක උස්සන්න හරිම අමාරුයි. ඉස්සුවොත් උපරිම මාසයක් දෙකක් තමයි යූස් කරන්න ලැබෙන්නෙ. මුන්ට අහු වෙනවා අපි කරන හොර වැඩ. ඉතින් උන් කරන්නෙ අපේ හොර වැඩ බ්ලොක් කරන විදියට අලුත් අප්ඩේට් එකක් එවන එක. ඉතින් අපි අසරණ වෙනවා නෙව එහෙම උනාම.

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ Kaspersky Internet Security 2012 ජෙනුයින් එක. හොර වැඩ කරන්න ඕන නෑ නෙව කෙලින්ම ජෙනුයින් එකම දාගත්තාම. නේද?... මගේ කම්පියුටර් මොකක් හරි හේතුවක් නිසා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන්ම ෆෝමැට් කරන්න වෙනවා නෙව. ඒකට හේතුව තමයි මම ඔය කරන එක එක ජල්තර වැඩ. ඉතින් මොකක් හරි ලෙඩක් ආපු ගමන් ෆෝමැට් කරන්න වෙනවා. මම අද මේ දෙන Kaspersky Internet Security 2012 එකත් මාස 3ක්ම එක දිගට ඔයාලට කිසිම ගැටලුවක් නැතිව යූස් කරන්න පුලුවං. ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕන ඔර්ජිනල් සොෆ්ට්වෙයා එකක් කිසිම ක්‍රැක් කිරිල්ලක් නැතිව මාස 3ක් හරි යූස් කරන්න පුලුවං එක හරි වටිනවා නෙව...

මුලින්ම ඔයාලා කරන්න ඕන Kaspersky Internet Security 2012 එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න එක. ඒක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න. ඕක ඉන්ස්ට්‍රෝල් කරගෙන යනකොට මගදි සීරියල් නම්බර් එකක් ඉල්ලයි. ඒක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

FREE Kaspersky Internet Security 2012 90 Days Activation Key Download



This activation code works perfectly on new installations only and not on already installed KIS 2012.

හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න...

Share/Bookmark