Tuesday, October 11, 2011

Filmfare Awards 2011

මම ඔයාලට පොරොන්දු වුණානේ Filmfare සම්මාන උලෙල රුපවාහිනියේ විකාශය වුණ ගමන්ම ඔයාලට බාගන්න දෙනවා කියලා. ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරන්න යන්නේ. දැනටමත් ඔයාලා දන්නවානේ මේ සම්මාන උලෙල 2011 ජනවාරි මස 29 වෙනිදා රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස මුම්බායි හිදී පැවැති බව.


මේ සම්මාන උලෙල පැවැත්වුනේ 2010 වසර තුල තිරගත වුණු හින්දි චිත්‍රපට සදහා සම්මාන දීම සදහායි. මම කලින්ම ඔයාලව දැනුවත් කරා මොන මොන චිත්‍රපට සදහාද සම්මාන හිමි වුණේ කියලා. ඒ නිසා මම ඒවා නැවත සදහන් කරන්නේ නෑ. ඔයාලාට ඒක කියවන්න ඕනනම් මෙන්න මෙතනට යන්න.

මම පොඩ්ඩක් සදහන් කරන්නම් මේ උලෙලේ විශේෂ අවස්ථා කිහිපයක්. ඔයාලට මතක ඇතිනේ කාලයක් තිස්සේම මෙම සම්මාන උලෙලේ ප්‍රධාන නිවේදක යුවල ලෙස කටයුතු කරේ ශාරුක් සමග සෙයිෆ්. මේ සම්මාන උලෙලේ නම් නිවේදන කටයුතු කරන්නේ රන්බීර් කපූර් සමග ඉම්රාන් ඛාන්.

මෙහිදී කාලයක් තිස්සේම ජනප්‍රියම පෙම් යුවල වුණු ශාරුක් සහ මධුරී විසින් මනරම් නර්තනයක් ඉදිරිපත් කරා. ඒ වගේම ප්‍රියංකා චොප්‍රා, කරීනා කපූර් සහ නවක නිලි සොනාක්ෂි සිංහා විසින් නර්තනයන් ඉදිරිපත් කරා. තවත් අනුෂ්කා සර්මා සහ නවක නලු රන්වීර් සිංග් විසිනුත් නර්තනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

සම්මාන උලෙල පුරාවටම විහිලු සහ සිනාවෙන් පිරුණු අංග කිහිපයක්ම අඩංගුයි. ඔයාලටත් හොදට සතුටු වෙන්න පුලුවන් මනරම් සම්මාන උලෙලක්.

ඔන්න එහෙනම් බාගෙනම බලන්න.







Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t