Tuesday, October 11, 2011

Khuda Kasam (2010)


ඔයාලට මතක ඇතිනේ 1990 ගණන් වල හින්දි චිත්‍රපට නේද… ඒත් දැන් හැදෙන හින්දි චිත්‍රපට ඒ කාලෙට වඩා වෙනස් කතා තේමා යටතේ තමා හැදෙන්නේ. අද මම අරගෙන ආවේ අර පරණ වට්ටෝරුවට හදපු අලුත්ම හින්දි චිත්‍රපටයක්. ඔයාලා ගොඩ දෙනෙක් කැමති ඇතිනේ ඒ වගේ කතා බලන්න නේද. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්.

මෙන්න මෙහෙමයි කතාව, හුසේන් කියන්නේ අවංක ලොරි රියදුරෙක්. ඒත් දවසක් මොහු නොකල වරදකට ඔහුට සිරබත් කන්න වෙනවා. නිතූ සිංග් කියන්නේ අසාධාරණය පෙන්වන්න බැරි අයුක්තියට එරෙහිව ක්‍රියාකරන අවංක පොලිස් නිලධාරිණියක්. ඇය ප්‍රධාන ඇමති කෙනෙක්ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා. ඒත් නොසිතූ ලෙස ඇයටත් සිරබත් කන්න වෙනවා.

මේ දෙන්නාවම හිරගෙට යවන්නේ එකම එක් කෙනෙක්. ඒ කෙනා කවුද මේ දෙන්නාගේ කතාවට මොකද වෙන්නේ කියලා චිත්‍රපටය බාගෙනම බලන්න. මම සම්පූර්ණ කතාවම කියන එක හරි නෑ නේ නේද.

ප්‍රධාන චරිත Sunny Deol, Tabbu, Farida Jalal විසින් රගපානවා. Sunny Deol කාලෙකට පස්සේ රගපාන චිත්‍රපටයක් මේක. අධ්‍යක්ෂණය K C Bokadia විසින්, නිෂ්පාදනය Amit Kumar Bokadia සහ Malook Nagar විසින්. සංගීතය Aadesh Srivasthav විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන්ගත්තේ 2010 නොවැම්බර් මස 26 වෙනිදා සිටයි.





Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t