Tuesday, October 11, 2011

Toonpur Ka Superrhero (2010)


අපි කවුරුත් කැමතිනේ කාටූන් බලන්න නේද. කාටූන් වලට වයස් බේදයක් නැතිව කවුරුත්ම වගේ ආසයිනේ. පොඩ්ඩක් හිතන්නකෝ බලන්න අපි කැමතිම කාටූන් චරිත අපිට සැබෑ ලෝකෙදී මුණ ගැසුනොත් එහෙම…. මොකද හිතෙන්නේ. අන්න ඒ වගේ කාටූන් චරිත ටිකක් සැබෑ ලෝකෙදි මුණ ගැසුන කතාවක් තමා අද අරගෙන ආවේ හින්දි චිත්‍රපට සිංහලෙන් තුලින්.

මෙන්න මෙහෙමයි කතාව, ආදිත්‍ය කුමාර් කියන්නේ සිනමාවේ සිටින සුපිරි වීරයෙක්. කවුරුත් දන්නවානේ සිනමාවේ සිටින සුපිරි වීරයෝ ගොඩ දෙනෙකුට භයානක දර්ශන වලදී රගපාන්නේ වෙනම ස්ටන්ට් කෙනෙක් කියලා. ආදිත්‍යගේ පුතා දවසක් ආදිත්‍යට මේ නිසා බොරු වීරයා කියලා බනිනවා.

ඔන්න ඔය අතර තුරේදී ටූන්පූර් ( කාටූන්ලන්තේ) වල සිටින කාටූන් චරිත විසින් මෙම ආදිත්‍යයව පැහැර ගන්නවා. මෙහි සිටින සියලුම කාටූන් චරිත ආදිත්‍යගේ පුතා කබීර්ගේ ප්‍රියතම කාටූන් චරිත. ඉතිං මෙයාලට ඕන කරනවා ආදිත්‍ය ලවා ටූන්පූර් වල සිටින ජගාරු සහ ඔහුගේ ටූනෝසරයන්ගෙන් ටූන්පූර් බේරාගන්න. මෙම දේව්ටූන් චරිත වලට ඕන කරන්නේ ටූන්පූර් වල සාමය ඇති කරන්න ජගාරු පරද්දවලා.

ඒත් මේ ආදිත්‍ය සිනමාවේ වීරයෙක් වුණාට ඔහුට වීරකම් කරලා පුරුදු නෑනේ. ඒත් අන්තිමට ඔහු හිතනවා තම පුතාගේ විශ්වාසයත් දිනාගන්න පුලුවන් හොදම අවස්තාවක් කියලා මේක. ඉතිං ඔහු ටූන්පූර් ජාගාරුගෙන් බේරාගැනීමේ අභියෝගය භාරගන්නවා.

ඉතිරි ටික ඔයාලා බාගෙන බලන්න. ආදිත්‍යට ටුන්පූර් වලත් සුපිරි වීරයා වෙන්න පුලුවන්ද කියලා බලන්නකෝ.

මේ චිත්‍රපටය ලමා කතාවක් වුණාට වයස් බේදයකින් තොරව හැමදෙනාටම එපාවෙන්නේ නැතිව නරඹන්න පුලුවන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තමයි ඉන්දියාවේ First Live action - 3D Animation combination Feature Film එක.

ප්‍රධාන චරිත Ajay Devgan, Kajol, Tanuja, Amey Pandiya විසින් රගපානු ලබනවා. අධ්‍යක්ෂණය Kireeth Khurana විසින්, නිෂ්පාදනය Kumar Manghat Pathak විසින්. සංගීතය Anu Malik විසින්.






Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t