Showing posts with label සුපිරි Films. Show all posts
Showing posts with label සුපිරි Films. Show all posts

Tuesday, October 11, 2011

Striker (2010)


මේ කතාව කැරම් ශූරයෙක් ගැන. මොහු කැරම් ක්‍රිඩාව නිසාම ප්‍රශ්න වලට මුහුණ දෙනවා.
රැකියාවක් නැති නිසා මොහු ඔට්ටුවට කැරම් සෙල්ලම් කරමින් සල්ලි හම්බ කරනවා. අතර ඔහුට සිදුවෙනවා පාතාල නායකයෙක් වෙනුවෙන් කැරම් සෙල්ලම් කරන්න. එහෙත් ඔහු එයට විරුද්ධ වුනත් වෙනකොට ඔහුට පාතාල නායකයාගෙන් ගැලවීමක් නෑ. අන්තිමට මේ නිසා ඔහුගේ හොදම යාලුවා වගේම තමාගේ එකම සහෝදරියගේ ජීවිතයත් අහිමි වෙනවා.

ඔන්න ඕකයි කතා සාරංශය.

නවක නලු සිද්ධාර්ථ් ප්‍රධාන චරිතය රග පානවා. ඔහු මෙහි හොද රගපෑමක් ඉදිරිපත් කරනවා.

ඔයාලත් බා ගෙනම රස විදින්න. ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්.




Share/Bookmark

Hostel (2011) හොස්ටල් ජිවිතේ අමිහිරි පැත්තක්...


මේ බ්ලොග් එක කියවන ගොඩාක් අයට අත්දැකීම් ඇති නේ හොස්ටල් ජීවිතය ගැන. පාසල් කාලේ වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලෙත් ගොඩාක් දෙනෙක්ට සිදුවෙනවා මේ හොස්ටල් ජීවිතේට හුරුවෙන්න. අපි කවුරුත් පාසල් කාලේට වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලෙටත් ආසයි නේ. අපේ ජීවිත වල අපි ආසම කාලය තමයි ඒ කාලය. ඒ වගේම හොස්ටල් ජීවිතෙත් අපිට අමතක කරන්න බෑ නේ නේද.

ඒත් මේ පාසල් ජීවිතේ වගේම හොස්ටල් ජීවිතෙත් නරකම පැත්තක් තමා නවක වදය, අපේ භාෂාවෙන් රැග් එක. ඔයාලටත් මතක ඇතිනේ පහුගිය කාලේ මේ රැග් එක නිසා අපේ රටෙත් ජිවිත කිහිපයක් අහිමි වුණා. මම අද අරගෙන ආපු හින්දි චිත්‍රපටයත් මේ රැග් එක සම්බන්ධ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටය හදලා තියෙන්නේ රැග් එකට විරුද්ධව හඩ නගන්න.

මෙන්න මෙහෙමයි කතාව, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන ඉංජිනේරු විද්‍යාලයක පිරිමි හොස්ටල් එකක කතාව තමා මෙයින් දිග හැරෙන්නේ. මේ හොස්ටල් එකට අලුතෙන් එන පිරිමි ලමයින් සියල්ලම රැග් එකට ලක් වෙනවා. මෙහි මූලිකයා වෙන්නේ ෆෙරෝස්. ඔහු ජේ‍‍ශ්ඨ ශිෂ්‍යයෙක්. මේ ජේ‍ශ්ඨ ශිෂ්‍යයන් අර අලුතින් එන පිරිමි ලමයින්ට පහර දෙනවා, ඇදුම් සේරම ගලවලා නිර්වස්ත්‍රව පෝලිම් කරලා තියනවා, ඔය වගේ දස වද දෙනවා. සමහර සිසුන් මේ ජෙශ්ඨයන් අති දූෂණයට ලක් වෙනවා. මේ හොස්ටල් එක භාරව කටයුතු කරන ගුරුතුමාගෙත් අනු දැනුම මත තමා මේවා වෙන්නේ.

මේ තරම් වද වින්දත් එක ලමයෙක්වත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නේ නෑ. චිත්‍රපටයේ කතා නායකයාත් ඇතුලත් වෙනවා මේ පාසලට. ඔහුගේ නම කරන්. ඔහුත් පහරදීම් වලට ලක්වෙනවා. ඒ වෙලාවේ ඔහුගේ උදව්වට යාලුවෝ තුන් දෙනෙකුත් ඉන්නවා. කොහොම හරි කරන් ඒ පාසලේම ගෑණු ලමයෙක් සමග ප්‍රේම සබදතාවයකුත් පටන් ගන්නවා. කාලය ගත වෙනකොට මෙහි වෙන අසාධාරණ වලට එරෙහිව කරන් නැගී සිටිනවා. ඒත් ඔහුගේ සහයට කවුරුත් නෑ. කරන් ඔවුන්ට විරුද්ධව නැගී සිටි නිසා ඔහු පමණක් අර ජේශ්ඨයන්ගේ තාඩන පීඩන වලින් බේරෙනවා.

ඔන්න ඔහොම අවුරුද්දක් ගත වෙනවා. දැන් කරන්ලාත් සීනියර්ස්ලා. කරන් එක්ක අර අහිංසක විදියට හිටපු යාලුවෝ තමා දැන් අලුතින් එන අයට රැග් කරන්නේ. ඇත්තටම අපේ රටෙත් සිද්ධ වෙන්නේ මේ දේමයි නේද. ඔවුන් තමන් විදපු දේවල් වල පලිය ගන්නේ අලුතින් එන අයගෙන්. කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්න.

හොද කතාවක්. ඉන්දියාවේ මේ හොස්ටල් වල රැග් එක නිසා ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසාම තමා මේ වගේ චිත්‍රපටයක් හදලා තියෙන්නේ.

ප්‍රධාන චරිත Vatsal Sheth, Tulip Joshi, Mukesh Tiwari යන අය විසින් රගපානවා. අධ්‍යක්ෂණය Manish Gupta විසින්, නිෂ්පාදනය Gurpal Singh විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ජනවාරි මස 21 වෙනිදා සිටයි.

බාගෙන බලලා කමන්ට් එකකුත් දාගෙනම යන්න.



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

Band Baaja Baaraat (2010)


හින්දි සිනමාවේ පෙරලියක් කරපු තවත් අලුත්ම චිත්‍රපටයක් මම අද අරගෙන ආවේ. යශ්‍ රාජ් චිත්‍රපට කිව්වාම කවුරුත් දන්නවානේ හොද චිත්‍රපටයක් කියලා නේද. මේ චිත්‍රපටය මෑතකදී පැවැත්වුණු සම්මාන උලෙලවල් වලදී සම්මාන දිනාගෙන තියෙනවා. ඒ වගේම නිර්දේශ වෙලත් තියෙනවා. ඒවා බලන්න කලින් මම කතාව ටිකක් කියලා ඉන්නම්.

ශෘතී කක්කර් කියන්නේ තමාගේ එකම අරමුණ ලෙස මංගල උත්සව සංවිධායකයෙක් විම විතරක්ම සිතන තරුණියක්. ඇය කොලේජ් එකෙන් පිටවූ දා පටන්ම මේ සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පසුපස යනවා. බිට්ටූ ශර්මා කියන්නෙත් ඇයගේම වයසේ තරුණයෙක්. මේ දෙන්නා අහම්බෙන් මුණ ගැසෙන්නේ මංගල උත්සවයක් අතර තුරදී. ඒ කියන්නේ බිට්ටුයි යාලුවොයි යනවා අදුරන්නේ නැති මංගල උත්සවයකට. ඒ යන්නේ කන්න ඕන නිසා. මේ මංගල උත්සවය සංවිධානයට සහය දෙන්න ඉන්නේ ශෘති. ඇයට මොවුන් අතේ මාට්ටු වෙනවා. ඔන්න ඔහොමයි දෙන්නාට දෙන්නා අදුනගන්නේ.

කොලේජ් එකෙන් ඉවත්වුණාම බිට්ටුට සිද්ධ වෙන්නේ ගමට යන්න. ඔහුට ඊට පස්සේ කරන්න වෙන්නේ ගොවිතැන්. මෙයට අකැමති වෙන ඔහු නගරේම නවතිනවා. කරන්න ජොබ් එකක් නැති තැන ඔහු හිතනවා ශෘතිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා. ඔන්න ඉතිං දෙන්නා එකතු වෙලා වැඩ කරන්න ගන්නවා. ඉතිරි ටික ඔයාලා බාගෙන බලන්න. මේ දෙන්නාට මොකද වෙන්නේ කියලා. කොමඩිත් තියෙන ලස්සන ආදර කතාවක්.

ප්‍රධාන චරිත Anushka Sharma සහ නවක නලු Ranveer Singh රගපානවා. Ranveer ගේ පලමු චිත්‍රපටය තමා මේක. අධ්‍යක්ෂණය Maneesh Sharma විසින්, නිෂ්පාදනය Aditya Chopra විසින්. සංගීතය Salim – Sulaiman විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 දෙසැම්බර් මස 10 වෙනිදා සිටයි.

මම මුලින්ම කිව්වානේ මේ චිත්‍රපටය සම්මාන සදහා නිර්දේශ වුණා කියලා. මෙන්න ඒ ලිස්ට් එක.

Awards and nominations

Won
§ Star Screen Award for Most Promising Debut Director - Maneesh Sharma
Nominated
§ Star Screen Award for Best Film - Band Baaja Baarat
§ Star Screen Award for Best Choreography - Vaibhavi Merchant "Ainvayi Ainvayi"

6th Apsara Film & Television Producers Guild Awards
Won
§ Apsara Award for Best Editing – Namrata Rao
§ Apsara Award for Best Costume Designer – Niharika Khan
§ Apsara Award for Best Debut Male – Ranveer Singh
§ Apsara Award for Best Debutante Director – Manish Sharma
§ Apsara Award for Best Art Direction – Sonal Choudhry and T.P. Abid
§ Apsara Award for Best Actress in a leading role - Anushka Sharma
Nominated
§ Apsara Award for Best Film - Band Baaja Baarat
§ Apsara Award for Best Female Singer - Sunidhi Chauhan "Ainvayi Ainvayi"
§ Apsara Award for Best Choreography - Viabhavi Merchant "Ainvayi Ainvayi"
§ Apsara Award for Best Dialogue - Habib Faisal
§ Apsara Award for Best Screenplay - Habib Faisal

Won
Nominated
§ Best Story - Maneesh Sharma
§ Best Debutante Director - Maneesh Sharma
§
Won
Nominated
§ Filmfare Award for Best Movie - Band Baaja Baarat



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

56th Filmfare Awards 2011


කවුරුත් බලාගෙන ඉන්නවානේ Filmfare සම්මාන උලෙල රූපවාහිනියෙන් පෙන්වනකන්. Sony චැනලය බලන්න පුලුවන් අයටනම් ඔන්න පෙබරවාරි 06 වෙනිදා එය නරඹන්න පුලුවන්. බැරි අයට මම පෙබරවාරි 07, 08 වෙනකොට ඒක බාගන්න දෙන්නම්.

ඔයාලා දන්නවානේ දැනටමත් කවුද සම්මාන දිනාගත්තේ කියලා. ඒක බැලුවේ නැත්නම් ඒ ලිස්ට් එක මෙතනින් බලාගන්න පුලුවන් ඔයාලට.

අද මම අරගෙන ආවේ , එදා උත්සවයට කලින් දර්ශන. ඔයාලා දන්නවානේ ඔය ලොකු සම්මාන උලෙලවල් වලට එන නලු නිලියෝ යන්නේ Red Carpet එකකනේ. ඔන්න ඔය වෙලාවේ රූ ගත කරපු දර්ශන අඩංගු පොඩිම පොඩි වීඩියෝවක් අද මම ඔයාලට බලන්න දෙන්නේ.

එහෙමනම් සම්මාන උලෙල බලන්න කලින් අපි ඒකත් බලලා ඉමුකෝ.










මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

Pusher (2010) කුඩු බිස්නස්කාරයෙක්ගේ ස්ටෝරියක්....


නම අහපු ගමන් ගොඩාක් අය මේ නමින් තිබුණු චිත්‍රපටයක් බලලා ඇති. ඔයාලා හිතුවා හරි. මේක හින්දි චිත්‍රපටයක් වුණාට 1996 දී තිරගත වුණු Pusher නම් Danish crime film එකේ හින්දි නිෂ්පාදනය තමා මේ චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය හින්දි සිනමාවට අලුත් වෙනසක් අරගෙන ඇවිත් තියෙනවා. මෙතෙක් කල් නිෂ්පාදනය වුණාට වඩා වෙනස්ම ආකාරයේ හින්දි චිත්‍රපටයක්. ඒ කියන්නේ හොලිවුඩ් ගණයේ නිෂ්පාදනයක්. තැන තැන තිබුණු විචාර ගැන බලනකොටනම් චිත්‍රපටය සාර්තකත්වයක් ලබලා තියෙනවා.

මෙහි කතාව ගලාගෙන යන්නේ සලීම් නම් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපයන්නකු වටායි. ඔහු ලන්ඩන් වල තමන්ගේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. දවසක් මේ ගණුදෙනුවකදී ඔහු පොලීසියට අහුවෙනවා. ඔහු කරන්නේ තමන්ව අත් අඩංගුවට ගන්නකොට අර මත්ද්‍රව්‍ය සියල්ල වතුරේ පා කර හරිනවා. ඔහු පොලිසියෙන් බේරුණත් ඔහුට මත්ද්‍රව්‍ය සපයපු අයගෙන් බේරෙන්න වෙන්නේ නෑ. ඔහුගේ කතාව තමා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.

ප්‍රධාන චරිතය කරන්නේ Assad Raja නම් නවක නලුවෙක්. ඔහු තමා මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නෙත්. ඔහු බ්‍රිතාන්‍යයේ ඉපදී එහි රූපවාහිනී නාට්‍ය වල රගපානු ලබන නලුවෙක්. ඔහු සහ අනෙක් ප්‍රධාන චරිතයක් කරන Mahima Chaudhry ඉතා හොදින් රංගනයේ යෙදෙනවා. කාලෙකට පස්සේ තමා අපිට Mahima ව නැවතත් දැකගන්න ලැබෙන්නේ මේ චිත්‍රපටය හරහා. මීට අමතරව අනෙකුත් චරිත Marv Anwar, Pasha Bocaria, Mohammed Zadran විසින් රගපානවා.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 ඔක්තෝම්බර් මස 15 වෙනිදා සිටයි.



Pusher මුල් නිෂ්පාදනය ගැන කතා කරොත් එහි කොටස් තුනක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ චිත්‍රපටය ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.





ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.

Share/Bookmark

Filmfare Awards 2011

මම ඔයාලට පොරොන්දු වුණානේ Filmfare සම්මාන උලෙල රුපවාහිනියේ විකාශය වුණ ගමන්ම ඔයාලට බාගන්න දෙනවා කියලා. ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරන්න යන්නේ. දැනටමත් ඔයාලා දන්නවානේ මේ සම්මාන උලෙල 2011 ජනවාරි මස 29 වෙනිදා රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස මුම්බායි හිදී පැවැති බව.


මේ සම්මාන උලෙල පැවැත්වුනේ 2010 වසර තුල තිරගත වුණු හින්දි චිත්‍රපට සදහා සම්මාන දීම සදහායි. මම කලින්ම ඔයාලව දැනුවත් කරා මොන මොන චිත්‍රපට සදහාද සම්මාන හිමි වුණේ කියලා. ඒ නිසා මම ඒවා නැවත සදහන් කරන්නේ නෑ. ඔයාලාට ඒක කියවන්න ඕනනම් මෙන්න මෙතනට යන්න.

මම පොඩ්ඩක් සදහන් කරන්නම් මේ උලෙලේ විශේෂ අවස්ථා කිහිපයක්. ඔයාලට මතක ඇතිනේ කාලයක් තිස්සේම මෙම සම්මාන උලෙලේ ප්‍රධාන නිවේදක යුවල ලෙස කටයුතු කරේ ශාරුක් සමග සෙයිෆ්. මේ සම්මාන උලෙලේ නම් නිවේදන කටයුතු කරන්නේ රන්බීර් කපූර් සමග ඉම්රාන් ඛාන්.

මෙහිදී කාලයක් තිස්සේම ජනප්‍රියම පෙම් යුවල වුණු ශාරුක් සහ මධුරී විසින් මනරම් නර්තනයක් ඉදිරිපත් කරා. ඒ වගේම ප්‍රියංකා චොප්‍රා, කරීනා කපූර් සහ නවක නිලි සොනාක්ෂි සිංහා විසින් නර්තනයන් ඉදිරිපත් කරා. තවත් අනුෂ්කා සර්මා සහ නවක නලු රන්වීර් සිංග් විසිනුත් නර්තනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

සම්මාන උලෙල පුරාවටම විහිලු සහ සිනාවෙන් පිරුණු අංග කිහිපයක්ම අඩංගුයි. ඔයාලටත් හොදට සතුටු වෙන්න පුලුවන් මනරම් සම්මාන උලෙලක්.

ඔන්න එහෙනම් බාගෙනම බලන්න.







Share/Bookmark

Tees Maar Khan (2010)


ඔන්න අද මම අරගෙන ආවේ පසුගිය වසරේ වඩාත් සාර්තක වුණු තවත් චිත්‍රපටයක්. පසුගිය වසරේ අන්තිමටම වගේ තිරගත වුණු චිත්‍රපටයක් තමා මේක. හරියටම කියනවානම් 2010 දෙසැම්බර් 24 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් ගත්තේ. හිනාවෙවී හොදට රස විදින්න පුලුවන් චිත්‍රපටයක්.

මම කතාවත් ටිකක් කියන්නම්කෝ. Tees Maar Khan කියන අනවර්ත නාමයෙන් පෙනී සිටින්නේ Tabrez Mirsa Khan නම් ලෝක හොරෙක්. ලෝක හොරෙක් කියන්නේ උපන්දා පටන්ම හොරකම් කරන කෙනෙක්. ඇයගේ පෙම්වතිය තමයි Anya, ඇය රගපෑම ගැන පිස්සුවෙන් සිටින කෙනෙක්. රගපාන්න දෙනවානම් ඕනම දෙයක් කරන්න සූදානම් තැනැත්තියක්.

ඔන්න මේ TMK ( Tees Maar Khan) දවසක් ප්ලෑන් කරනවා ඇන්ටික් බඩු වගයක් හොරකම් කරන්න. මේ වටිනා ඇන්ටික් බඩු ටික දුම්රියේ විශාල ආරක්ෂාවක් ඇතිව තමා ගෙනියන්නේ. ඉතිං මොකක්ද දන්නවාද මේ TMK ගේ ප්ලෑන් එක. පොලිස් ආරක්ෂාව සහිතවම මේ බඩු ටික හොරාගන්න එක.

මොහු කරන්නේ එම දුම්රිය ගමන් මාර්යේ තියෙන දුෂ්කර ගමකට ගිහින් එම ගම් වැසියන්ට කියනවා තමන් මේ ගමේ චිත්‍රපටයක් රූ ගත කරන්න යන්නේ, ගම් වැසියන් සියල්ලම රගපාන්න ගන්නවා කියලා. ඇත්තටම මෙහි ප්‍රධාන චරිත වලට ඔස්කාර් සම්මානයක් දිනාගැනිමේ පිස්සුවෙන් සිටින නලුවෙකුත්, TMK ගේ පෙම්වතිය වන Anya ත් යොදා ගන්නවා. ඔහුගේ ප්ලෑන චිත්‍රපටයේ දර්ශනයක් ලෙස අර දුම්රියේ තියෙන ඇන්ටික් බඩු ටික පැහැර ගැනීම. ඒත් වෙන්නේ එම දුම්රිය සතියක් පරක්කු වෙනවා. ඒ නිසා ඇත්තටම ඔහුට චිත්‍රපටය කරන්න සිද්ධ වෙනවා.

දැනට ඇති කතාව මම ගොඩාක් කිව්වා, ඔයාලත් බලන්නකෝ ඔහුට හොරකම හොදට කරන්න පුලුවන්ද නැත්නම් චිත්‍රපටය හොදට කරන්න පුලුවන් වෙයිද කියලා. හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්, හැමෝම බාගෙන බලන්න.

මෙහි ප්‍රධාන චරිත Akshay Kumar, Katrina Kaif , Akshaye Khanna විසින් රගපානවා. අධ්‍යක්ෂණය Farah Khan විසින්, නිෂ්පාදනය Twinkle Khanna විසින්. විශේෂම දෙයක් තමා මෙහි අඩංගු ගීත. හරිම ලස්සනයි. සංගීතය Vishal – Sekhar විසින්.

මෙහි අඩංගු වෙන Sheela ki Jawani ගීතය බෙහෙවින්ම ජනප්‍රිය වුණා.

මෙන්න සිංදු ටිකත් අහලා බලන්න.



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

Toonpur Ka Superrhero (2010)


අපි කවුරුත් කැමතිනේ කාටූන් බලන්න නේද. කාටූන් වලට වයස් බේදයක් නැතිව කවුරුත්ම වගේ ආසයිනේ. පොඩ්ඩක් හිතන්නකෝ බලන්න අපි කැමතිම කාටූන් චරිත අපිට සැබෑ ලෝකෙදී මුණ ගැසුනොත් එහෙම…. මොකද හිතෙන්නේ. අන්න ඒ වගේ කාටූන් චරිත ටිකක් සැබෑ ලෝකෙදි මුණ ගැසුන කතාවක් තමා අද අරගෙන ආවේ හින්දි චිත්‍රපට සිංහලෙන් තුලින්.

මෙන්න මෙහෙමයි කතාව, ආදිත්‍ය කුමාර් කියන්නේ සිනමාවේ සිටින සුපිරි වීරයෙක්. කවුරුත් දන්නවානේ සිනමාවේ සිටින සුපිරි වීරයෝ ගොඩ දෙනෙකුට භයානක දර්ශන වලදී රගපාන්නේ වෙනම ස්ටන්ට් කෙනෙක් කියලා. ආදිත්‍යගේ පුතා දවසක් ආදිත්‍යට මේ නිසා බොරු වීරයා කියලා බනිනවා.

ඔන්න ඔය අතර තුරේදී ටූන්පූර් ( කාටූන්ලන්තේ) වල සිටින කාටූන් චරිත විසින් මෙම ආදිත්‍යයව පැහැර ගන්නවා. මෙහි සිටින සියලුම කාටූන් චරිත ආදිත්‍යගේ පුතා කබීර්ගේ ප්‍රියතම කාටූන් චරිත. ඉතිං මෙයාලට ඕන කරනවා ආදිත්‍ය ලවා ටූන්පූර් වල සිටින ජගාරු සහ ඔහුගේ ටූනෝසරයන්ගෙන් ටූන්පූර් බේරාගන්න. මෙම දේව්ටූන් චරිත වලට ඕන කරන්නේ ටූන්පූර් වල සාමය ඇති කරන්න ජගාරු පරද්දවලා.

ඒත් මේ ආදිත්‍ය සිනමාවේ වීරයෙක් වුණාට ඔහුට වීරකම් කරලා පුරුදු නෑනේ. ඒත් අන්තිමට ඔහු හිතනවා තම පුතාගේ විශ්වාසයත් දිනාගන්න පුලුවන් හොදම අවස්තාවක් කියලා මේක. ඉතිං ඔහු ටූන්පූර් ජාගාරුගෙන් බේරාගැනීමේ අභියෝගය භාරගන්නවා.

ඉතිරි ටික ඔයාලා බාගෙන බලන්න. ආදිත්‍යට ටුන්පූර් වලත් සුපිරි වීරයා වෙන්න පුලුවන්ද කියලා බලන්නකෝ.

මේ චිත්‍රපටය ලමා කතාවක් වුණාට වයස් බේදයකින් තොරව හැමදෙනාටම එපාවෙන්නේ නැතිව නරඹන්න පුලුවන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තමයි ඉන්දියාවේ First Live action - 3D Animation combination Feature Film එක.

ප්‍රධාන චරිත Ajay Devgan, Kajol, Tanuja, Amey Pandiya විසින් රගපානු ලබනවා. අධ්‍යක්ෂණය Kireeth Khurana විසින්, නිෂ්පාදනය Kumar Manghat Pathak විසින්. සංගීතය Anu Malik විසින්.






Share/Bookmark

Khuda Kasam (2010)


ඔයාලට මතක ඇතිනේ 1990 ගණන් වල හින්දි චිත්‍රපට නේද… ඒත් දැන් හැදෙන හින්දි චිත්‍රපට ඒ කාලෙට වඩා වෙනස් කතා තේමා යටතේ තමා හැදෙන්නේ. අද මම අරගෙන ආවේ අර පරණ වට්ටෝරුවට හදපු අලුත්ම හින්දි චිත්‍රපටයක්. ඔයාලා ගොඩ දෙනෙක් කැමති ඇතිනේ ඒ වගේ කතා බලන්න නේද. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්.

මෙන්න මෙහෙමයි කතාව, හුසේන් කියන්නේ අවංක ලොරි රියදුරෙක්. ඒත් දවසක් මොහු නොකල වරදකට ඔහුට සිරබත් කන්න වෙනවා. නිතූ සිංග් කියන්නේ අසාධාරණය පෙන්වන්න බැරි අයුක්තියට එරෙහිව ක්‍රියාකරන අවංක පොලිස් නිලධාරිණියක්. ඇය ප්‍රධාන ඇමති කෙනෙක්ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා. ඒත් නොසිතූ ලෙස ඇයටත් සිරබත් කන්න වෙනවා.

මේ දෙන්නාවම හිරගෙට යවන්නේ එකම එක් කෙනෙක්. ඒ කෙනා කවුද මේ දෙන්නාගේ කතාවට මොකද වෙන්නේ කියලා චිත්‍රපටය බාගෙනම බලන්න. මම සම්පූර්ණ කතාවම කියන එක හරි නෑ නේ නේද.

ප්‍රධාන චරිත Sunny Deol, Tabbu, Farida Jalal විසින් රගපානවා. Sunny Deol කාලෙකට පස්සේ රගපාන චිත්‍රපටයක් මේක. අධ්‍යක්ෂණය K C Bokadia විසින්, නිෂ්පාදනය Amit Kumar Bokadia සහ Malook Nagar විසින්. සංගීතය Aadesh Srivasthav විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන්ගත්තේ 2010 නොවැම්බර් මස 26 වෙනිදා සිටයි.





Share/Bookmark