Tuesday, October 11, 2011

Hostel (2011) හොස්ටල් ජිවිතේ අමිහිරි පැත්තක්...


මේ බ්ලොග් එක කියවන ගොඩාක් අයට අත්දැකීම් ඇති නේ හොස්ටල් ජීවිතය ගැන. පාසල් කාලේ වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලෙත් ගොඩාක් දෙනෙක්ට සිදුවෙනවා මේ හොස්ටල් ජීවිතේට හුරුවෙන්න. අපි කවුරුත් පාසල් කාලේට වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලෙටත් ආසයි නේ. අපේ ජීවිත වල අපි ආසම කාලය තමයි ඒ කාලය. ඒ වගේම හොස්ටල් ජීවිතෙත් අපිට අමතක කරන්න බෑ නේ නේද.

ඒත් මේ පාසල් ජීවිතේ වගේම හොස්ටල් ජීවිතෙත් නරකම පැත්තක් තමා නවක වදය, අපේ භාෂාවෙන් රැග් එක. ඔයාලටත් මතක ඇතිනේ පහුගිය කාලේ මේ රැග් එක නිසා අපේ රටෙත් ජිවිත කිහිපයක් අහිමි වුණා. මම අද අරගෙන ආපු හින්දි චිත්‍රපටයත් මේ රැග් එක සම්බන්ධ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටය හදලා තියෙන්නේ රැග් එකට විරුද්ධව හඩ නගන්න.

මෙන්න මෙහෙමයි කතාව, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන ඉංජිනේරු විද්‍යාලයක පිරිමි හොස්ටල් එකක කතාව තමා මෙයින් දිග හැරෙන්නේ. මේ හොස්ටල් එකට අලුතෙන් එන පිරිමි ලමයින් සියල්ලම රැග් එකට ලක් වෙනවා. මෙහි මූලිකයා වෙන්නේ ෆෙරෝස්. ඔහු ජේ‍‍ශ්ඨ ශිෂ්‍යයෙක්. මේ ජේ‍ශ්ඨ ශිෂ්‍යයන් අර අලුතින් එන පිරිමි ලමයින්ට පහර දෙනවා, ඇදුම් සේරම ගලවලා නිර්වස්ත්‍රව පෝලිම් කරලා තියනවා, ඔය වගේ දස වද දෙනවා. සමහර සිසුන් මේ ජෙශ්ඨයන් අති දූෂණයට ලක් වෙනවා. මේ හොස්ටල් එක භාරව කටයුතු කරන ගුරුතුමාගෙත් අනු දැනුම මත තමා මේවා වෙන්නේ.

මේ තරම් වද වින්දත් එක ලමයෙක්වත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නේ නෑ. චිත්‍රපටයේ කතා නායකයාත් ඇතුලත් වෙනවා මේ පාසලට. ඔහුගේ නම කරන්. ඔහුත් පහරදීම් වලට ලක්වෙනවා. ඒ වෙලාවේ ඔහුගේ උදව්වට යාලුවෝ තුන් දෙනෙකුත් ඉන්නවා. කොහොම හරි කරන් ඒ පාසලේම ගෑණු ලමයෙක් සමග ප්‍රේම සබදතාවයකුත් පටන් ගන්නවා. කාලය ගත වෙනකොට මෙහි වෙන අසාධාරණ වලට එරෙහිව කරන් නැගී සිටිනවා. ඒත් ඔහුගේ සහයට කවුරුත් නෑ. කරන් ඔවුන්ට විරුද්ධව නැගී සිටි නිසා ඔහු පමණක් අර ජේශ්ඨයන්ගේ තාඩන පීඩන වලින් බේරෙනවා.

ඔන්න ඔහොම අවුරුද්දක් ගත වෙනවා. දැන් කරන්ලාත් සීනියර්ස්ලා. කරන් එක්ක අර අහිංසක විදියට හිටපු යාලුවෝ තමා දැන් අලුතින් එන අයට රැග් කරන්නේ. ඇත්තටම අපේ රටෙත් සිද්ධ වෙන්නේ මේ දේමයි නේද. ඔවුන් තමන් විදපු දේවල් වල පලිය ගන්නේ අලුතින් එන අයගෙන්. කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්න.

හොද කතාවක්. ඉන්දියාවේ මේ හොස්ටල් වල රැග් එක නිසා ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසාම තමා මේ වගේ චිත්‍රපටයක් හදලා තියෙන්නේ.

ප්‍රධාන චරිත Vatsal Sheth, Tulip Joshi, Mukesh Tiwari යන අය විසින් රගපානවා. අධ්‍යක්ෂණය Manish Gupta විසින්, නිෂ්පාදනය Gurpal Singh විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ජනවාරි මස 21 වෙනිදා සිටයි.

බාගෙන බලලා කමන්ට් එකකුත් දාගෙනම යන්න.



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t