Friday, September 16, 2011

GUZAARISH (2010)

Picture
අද මම අරගෙන ආවේ ඔයාලා කවුරුත් බලාගෙන හිටපු හින්දි චිත්‍රපටයක්. මෙහි හොද පිටපතක් නිකුත් වුණ ගමන්ම තමා මම ඔයාලට අරගෙන ආවේ. ගොඩාක් අය බලන්නත් ඇති, මොකද මෙය ලංකාවේත් තිරගත වුණා. මේ වසරේ Filmfare සම්මාන සදහා හොදම නලුවා සහ නිලියට මෙහි රගපානු ලබන ප්‍රධාන නලු නිලි යුවලගේ නමුත් යෝජනා වී තියෙනවා.මෙහි ප්‍රධාන චරිත රගපානු ලබන්නේ Hrithik Roshan සහ Aishwarya Rai. Hrithik Roshan ඉතා සංවේදී චරිත නිරූපණයක නිරත වෙනවා. ඉතා විශිෂ්ට රගපෑමක්. ඒ වගේම Aishwarya ත් වෙනදාට වඩා වෙනස් චරිතයක් නිරූපණය කරනවා.


චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Sanjay Leela Bansali විසින්. නිෂ්පාදනය Ronnie Screwvala සහ Sanjay Leela Bansali විසින්.මෙන්න මෙහෙමයි කතාව. Ethan Mascarenhas කියන්නේ ඉන්දියාවේ හිටපු ජනප්‍රියම මැජික් ශිල්පියෙක්. ඔහු දවසක් මැජික් සන්දර්ශණයක් අතරතුර අනතුරකට ලක්වෙනවා. මෙම අනතුර සිදු කරන්නේ ඔහුගේ ලගම යාලුවෙක් විසින්මයි. මේ නිසා Ethan ගේ සුෂුම්නාවට හානි සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අත් පා සතරම පණ නැතිවෙනවා. ඔහු දැන් මේ ආකාරයට අවුරුදු 14ක් ගත කරලා තියෙනවා. ඔහුට සහයට සිටින්නේ Sofia නම් හෙදියක්. ඇයත් අවුරුදු 12ක් තිස්සේම මොහුගේ ආවතේව කරනවා.හදිසියේම Ethan ට ඕන වෙනවා ජීවිතෙන් සමුගන්න. ඔහු උසාවියට ඇපිල් එකක් දානවා ඔහුට මරණය ලගා කර දෙන ලෙස. මෙලෙස තමන්ගෙ කැමැත්තෙන් මරණයට පත්වීමට ඉල්ලීම හදුන්වන්නේ Euthanasia ලෙසයි. මෙන්න මෙම ඉල්ලීම පාදක කොටගෙන තමා කතාව ගලාගෙන යන්නේ. හරිම සංවේදීයි. ලස්සන කතාවක්. ඒ වගේම ආදර කතාවකුත් ගලාගෙන යනවා ඒ අතර. ඔන්න ඔයාලා චිත්‍රපටය බාගෙන බලන්නකෝ මේ Ethan ගේ ඉල්ලීම උසාවියෙන් අනුමත කරාවිද කියලා.මෙම හින්දි චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තෙ 2010 නොවැම්බර් මස 19 වෙනිදා සිටයි. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ගෝවා ප්‍රදේශය පාදක කොටගෙනයි. හරිම ලස්සන වෙනස්ම විදියට හදපු චිත්‍රපටයක්.මෙහි සංගීතය Sanjay Leela Bansali විසින්මයි කර ඇත්තේ


700MB කොපිය මෙතනින් බාගන්න!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Picture
Picture
Picture

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t