Friday, September 16, 2011

Kites 2010

Picture
ආදරයට භාෂාවක් තියෙනවද….? මේ බයිස්කොප් 1ක බලනකොට මට හිතුනේ එහෙම දෙයක්..ඉතින් ඔන්න මගේ මුල්ම හින්දි කෘතිය ඔයාලට අද දෙනවා. මැජෙස්ටික් සිනමාහලේ මෙන්ම ලොව පුරා රටවල් 50 කට වැඩි රටවල් ගන්නක ප්‍රදර්ශනය වන මේ බයිස්කොප් එක නමින් KITES.(සරුංගල්). මේ බයිස්කොප් 1ක හොලිවුඩ් බොලිවුඩ් සමගාමී උත්සහයක ප්‍රතිඵලයක්. ඒ වගේම මේ බයිස්කොප් 1කේ පුර්ව ප්‍රචාරක පටය නිසා හොලිවුඩය පැත්තෙන් පොඩි ආරංචියක් ලැබුනා . එක තමයි මේ බයිස්කොප් 1කේ පලමු සිංදුව (♫..Fire..♪) නැතුව අනික් ඒවා අයින් කරන්න තිරණයක් ඇවිල්ලා තියෙනවා. මොකද හොලිවුඩ් වල අතරමැද සිංදු තියෙනවා අඩුයි නේ. විශේෂයෙන් ඇක්ෂන් බයිස්කොප් වල.


ඉතින් හින්දි බයිස්කොප් 1ක මැයි 21 සිනමා හල් වල ප්‍රචරය වෙනකොට හොලිවුඩ් පුරය සදහා වෙනමම කෘතියක් නිකුත් කරලා තියෙනවා. හින්දි කොපියෙ නැති සමහර දේවල් ඒකේ තියෙන බවට ආරංචියකුත් තියෙනවා. කොහොම උනත් අවසානයෙ හින්දි කොපියට සමගාමීව ඉංග්‍රිසි කොපිය Kites:The Remix නමින් මැයි 28 වෙනිදා තිරගතවේලා තියෙනවා. හැබයි අද මම ඔයාලට දෙන්නෙ හින්දි කොපිය. ඉංග්‍රිසි කොපියත් ලැබුන ගමන් ඔයාලට දෙනවා.

කතාවට අනුව J (Hrithik Roshan) කියන්නේ මෙක්සිකොවේ ඉන්නා නිදහස් නර්තනවේදියෙක්. ඔහු නැ‍ටුම් ගුරුවරයෙක්…ඔහුගේ සිහිනය පොසතකු වෙන්න. ඉතින් දවසක් Gina (Kangana Ranaut ) නම් පොහොසත් තරුණියක් ඔහුගෙන් ආදරය ඉල්ලනවා. නමුත් J ඇය පොහොසත් බව දන්නේ නෑ ..ඉතින් පලමුවර ඇයව ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ඇය ඒ නගරයේ පොහොසත් පවුලක කෙනෙක් බව ඔහු දැනගන්නවා. කොහොම හරි ඇයට J ආදරය ප්‍රකාශ කරනවා. ඇගේ ගෙදර අයගෙත් සිත් දිනාගන්නවා (මෙ ඔක්කොම කරන්නේ උපක්‍රමශීලීව). මේ අතර දවසක් අපෙ J යි Gina යි යනවා මුහුදේ කොරල් බලන්න එතනදි J මුහුදේ කිමිදෙනවා. එතනදි ඔහුට තරුණියක් මුණ ගැහෙනවා. අහම්බෙන් වගේ දැකපු මේ රූපය නිසා J අන්දමන්ද වෙනවා.ඇය Natasha (Bárbara Mori ) නම් මැක්සිකන් ජාතික තරුණියක්.ඒවගේම Gina ගේ සහෝදරයාTony (Nicholas Brown )ගේ පෙම්වතිය.හැබැයි ඔහු පොලිස් නිළධාරියෙක්. ඉතින් ඊටපස්සේ වෙනදේ මම කියනවට වඩා බාගෙනම බලන එක හොදයි මොකද මං බලපු හින්දි ඇක්ෂන් බයිස්කොප් වලින් තියෙන හොදම එක මේක. ඉතින් බාගන්න ගමන් මොනාහරි කොටලා යන්න අමතකකරන්න එපා


700MB චිත්‍රපටය මෙන්න මෙතනින් බාගන්න!

Picture
Picture

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t