Friday, September 16, 2011

Kurbaan (2009)

Picture
ඔන්න සතියේ හින්දි චිත්‍රපටිය ඔයාලට අරගෙන ආවා. මරු හින්දි චිත්‍රපටියක්, තියෙන්න ඕනෙ හැම දෙයක්ම තියෙනවා. චිත්‍රපටිය ගැන යමක් කියනවනම් මෙහි ප්‍රධාන චරිත වන Avanthika හා Ehsaan ගේ චරිත වලට පණ පොවන්නේ සැබෑ ජීවිතයේ පෙම්වතුන් වන Kareena Kapoor හා Saif Ali Khanයි. දෙන්න මරු ජෝඩුව නේද? මේ චිත්‍රපටියට හොඳ විචාරක ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබුණා. සෙසු චරිත වලට පණ පොවන්නේ Vivek Oberoi, Dia Mirza, Rupinder Nagra, Om Puri හා Kirron Kher.



දැන් කතාව ගැන යමක් කියන්නම්. Avanthika ඇමෙරිකාවේ ජීවත් වෙන තරුණියක්. ඇය දිල්ලියට පැමිණෙනවා. එහිදී ඇයට Ehsaanව මුණ ගැසෙනවා. එකම තැන සේවය කරන මේ දෙදෙනාට පෙමින් වෙලෙනවා. මේ අතර Avanthika නැවතත් ඇමෙරිකාවේ ඇගේ රැකියා ස්ථානයේ සේවය කිරීමට අරාධානාවක් ලැබෙනවා. ඇය Ehsaan සමඟම ඇමෙරිකාවට යන්න සූදානම් වෙනවා. Avanthika හින්දු තරුණියක්, Ehsaan මුස්ලිම් තරුණයෙක්. මුලින් ගෙදරින් කචල් තිබ්බට පස්සෙ සියළුදෙනාගේ ආශීර්වාදය මැද්දෙ දෙදෙනා විවාහ වෙලා ඇමෙරිකාවට යනවා. Avanthika රැකියාව කරන තැනම Ehsaan සේවට බැඳෙනවා.

දැන් කතාව ඉවරයි වගේ නේද? සතුටුදායක අවසානයක්ද? නැහැ, මේ සුන්ද ආදර කතාවේ ලේ තැවරෙනවා. ඒ කොහොමද? කොතනද සියළු දේ වැරදීමට හේතු වුනේ? බාගෙනම බලමු නේද?

700MBමෙන්න මෙතනන් බාගන්න!

Picture
Picture

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t