Thursday, September 15, 2011

jiwithaya

ජිවිතය....,
මා ඔබ දැන ගන්නේ
කලාතුරකින් ලබන සුවයක
සොම්නසින් නොවේ.
ඊට වන්දි වශයෙන් විඳින
දුක් දොම්නසින්ද නොවේ.
මා ඔබ දැන ගන්නේ
ලාබයකින් ලබන උද්දාමයෙන් නොවේ.
ඊට වන්දි වශයෙන් විඳින
පාඩුවකින් ද නොවේ.
මා ඔබ දැනගත්තේ,
ඔබ එසේ විවිධ ආකාරයෙන්
ක්‍රියා කරන විට නොව,
ඔබ නිහඬව හා නිසලව
සිටින විටය.
එවිට,
ඔ‍බේ හදවත ගැහෙන රිද්මයෙන්
මම ඔබව දැන ගනිමි.
එවිට...,
ඔබ මා සමඟ
ලාභ-අලාභ,දුක-සැප ආදි
ස්වරුපය ගනිමින් මේ කරන්නේ
රංගනයක් බව
මම පසක් කර ගතිමි.

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t