Friday, September 16, 2011

Raavan (2010)

Picture
මනිරත්නම් ගෙ අධ්‍යක්ෂනයක් ලෙස 2010 ජුනිමස කල එළි දැකපු Raavan චිත්‍රපටිය පිලිබදව ගොඩක් කතා බහට ලක්වුනානේ. මොකද, 2010 අප රටෙ පැවති IIFA සම්මාන උළෙලට භච්චන් පවුලෙ කිසිම සමාජිකයකු සහාභාගි නොවිමට මෙය එක හේතුවක් ලෙස ඉන්දියානු මධ්‍ය මෙන්ම ලාංකිය මධ්‍යද උපුටා දැක්වුවා.ඒක කොතරම් දුරට සාධාරනද අසාධාරනද කියන එක චිත්‍රපටය රසවිඳින්නනම් කොහොමත් අදාල වෙන්නෙ නෑ. මොකද කිවොත් ඇත්තටම මම විශාල හින්දි රසිකයෙක් නොවුවත් මෙහි ඇති චාමත්කාර බාවය මාව මෙයට ඇද බැද තබගත්තා සේම ඔබවද මන්මත් කරනවා නිසකයි. එ හේතුව නිසාම රාත්‍රි කිපයක් වෙහෙස මහන්සිවී මම මෙයට සිංහල උපසිරස යෙදුවා.



මෙහි ප්‍රධාන චරිත දැනටමත් ඔබ දන්නවානෙ. භච්චන්ලාට අමතරව මෙහි සුපිරි උතුරු ඉන්දිය නළු වික්‍රම් මෙන්ම බොලිවුඩයෙ සිනා සගරය ලෙස හදුන්වන ගොවින්දාද ප්‍රදාන චරිත වලට පනපොවයි. මෙහි පාරිසරික චමත්කාරය ඉමහත්ය, කැමරාකරණය විශිෂ්ට වන අතරම A.R රහුමාන්ගෙ සංගිතය කන්කළුය. පැය 2ක කාලයක් පුරාවට කදුකරයෙ චමත්කාරය මනාව පෙන්වමින් ගලායන කතාවෙ බිරා යනු කැලැවෙ රජු මෙන්ම මෙහි රාවන්ය. ප්‍රධාන පොලිස් පරික්ෂක දෙව්ගෙ සුන්දරිය වන රගිනිව පැහැර ගැනිමෙ විර ක්‍රියාවට අතගහන බිරා සටන එතනින් ආරම්භ කරයි. තම බිරිද සොයා කැලැ වදින ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට රටේ නැති කරදර මෙන්ම අවංක මුහුන පෙන්වන වංක පුද්ගලයොන්ටද මුහුන දිමට සිදුවෙයි.

මෙයට රාවන් ලෙස යෙදිමට හේතුව ලෙස මම දකින්නෙ විටෙක බිරා රාවන් වන අතරම විටෙක දෙව් ද රාවන් වෙයි. ඉතින් එහාට මෙහාට දොලනය වන මෙ රාවන් චිත්‍රපටිය නිවිහැනහිල්ලෙ රසවිදිය හැකි සුන්දර චිත්‍රපටියකි.

700MBමෙන්න මෙතනින් බාගන්න!
සිංහල උපසිරැසි මෙතනින් ගන්න!

Picture
Picture

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t