Friday, September 16, 2011

Robot(2010)

Picture

මේ චිත්‍රපටය නිපදවනු ලැබුවේ දමිල භාෂාවෙන්. ඒ Endhiran කියන නමින්, ඔයාලට මතක ඇති ලංකාවෙත් මෙය තිරගත වුණා. ඒ වගේම මෙම චිත්‍රපටය හින්දි භාෂාවට Robot යන නමිනුත් තෙලිගු භාෂාවට Robo යන නමිනුත් හඩ කවනු ලැබුවා. අද මම ඔයාලට අරගෙන ආවේ හින්දි පිටපත.



චිත්‍රපටය හදලා තියෙන්නේ Scinece Fiction චිත්‍රපටයක් ආකාරයටයි. ඩොක්‍ටර් වසීගරන් කියන්නේ දක්ශ විද්‍යාඥයෙක්. ඔහු අවුරුදු 10ක් පමණ මහන්සි වෙලා ඇන්ඩ්‍රොයිඩ් රොබෝ කෙනෙක් හදනවා. ඒ හදන රොබෝවට තමන්ගේම හැඩ රුව තමා දෙන්නේ. රොබෝට නමක් දානවා චිට්ටු කියලා.මේ රොබෝට මිනිසුන් 100 දෙනෙකුගේ වැඩ කරන්න පුලුවන්.

ඩොක්ටර් තමන්ගේ මේ නිර්මාණය ජාත්‍යන්තර රොබෝ සම්මේලනයකට ඉදිරිපත් කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ මේ චිට්ටුව හමුදාවට යොදවගෙන රටට ප්‍රයෝජනයක් ගන්න.ඒත් ඔහුගේම ගුරුවරයා වන ඩොක්ටර් බොහ්රා හැමවෙලේම ඔහුට මේ සදහා අනුමැතිය ලබාගන්න දෙන්නේ නෑ. ඔහුට ඕන මේ රොබෝව හදන තාක්ෂනය ලබාගන්න. ඔහු පවසනවා මේ රොබෝ සේවයට යෙදුවොත් හැගීම් දැනෙන්නේ නැති නිසා විනාශයක් වෙයි කියලා. අන්තිමට ඩොක්ටර් වසීගරන් චිට්ටූට හැගීම් දැනීම් දැනෙන විදියට හදනවා. ඒත් වෙන්නේ මොකක්ද… මෙන්න මේ රොබෝ, ඩොක්ටර් වසීගරන්ගේ පෙම්වතිය වන සනාට ආදරය කරන්න පටන් ගන්නවා. මාර අවුල නේද…. කතාවේ ඉතිරි ටික මම කියන්නේ නෑ. මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්න.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දමිල සිනමාවේ සුපර් ස්ටාර් Rajni Kanth, Aishwarya Rai, Danny Denzongpa රගපානවා. අධ්‍යක්ෂණය S.Shankar විසින්, නිෂ්පාදනය Kalanithi Maran විසින්. සංගීතය A.R.Rahman විසින්.චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිටයි. ඉන්දියාව පුරා සාර්තකව තිරගත වුණු චිත්‍රපටයක් මේක. ඒ වගේම මුල ඉදලා අගටම කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්.

700MBකොපිය මෙතනින් බාගන්න..!!


Picture
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t