Monday, September 19, 2011

maxxa seen1k

ඉස්සර අපේ ඉස්කෝලෙ කැන්ටිමේ පාලිකාව කියන්නෙ අපි ඒ දවස්වල උදේට දකින්න අකමැතිම කෙනා කිව්වොත් නිවැරදියි..!
කැන්ටිමෙන් කෑම අරං එතන ඉඳල කන්න බෑ.. එතන හයියෙන් කෑ ගහන්න බෑ.. දඟලන්න බෑ... මං අහන්නේ ඒ වයසට එහෙම එක්තැන් වෙලා ඉන්න පුළුවන්ද හා?

ඉතිං මෙන්න මේ වගේ හේතු නිසා ඒ දවස්වල කැන්ටිමේ ඇන්ටි එක්ක අපි හැමදාම කොකු..
කැන්ටිමේ ඇන්ටිත් අරින්නෑ.. හැමදාම අපිට එරෙහි පැමිණිලි වලින් ප්‍රින්සිපල් සර්ගෙ ඔළුව පිරෙන්නෙත් කැන්ටිමේ ඇන්ටි නිසා බව අපි දැනන් උන්නා.. "යකෝ මේක මාර කේස් එකක්නෙ,, අපේම සල්ලි වලින් අපි කාල මුංගෙ ගෑස් බලන්ඩත් ඕනෙනෙ.." කියපු අපි "කැන්ටිමේ ඇන්ටිව" ඉස්කෝලෙන් එලවන තැනට ම වැඩ සිද්ද කරන්ට කතා කොර ගත්තා ය කියමුකො..




(හැබැයි ඒකට තෝර ගත්තු මාර්ගය නම් අනුමත කොරන්ට බෑ.. ඒ කාලෙ වගේ නෙවෙයි, දැං අපි දැනුම් තේරුම් තියෙන අයනෙ.. මොනා උනත් ඒ කාලෙ චණ්ඩිකමට කරපු අහිංසක වැඩ තමයි මේ..)

අපි කතා වුනේ, කන්ටිමේ ඇන්ටිට පුළුවං තරම් පාඩු කොරන්ට.. ප්ලේන්ටියක් බීල, බනිසකුත් කාපු ගාණට බිල තිබ්බට මොකෝ ඒ වගේ තුන් ගුණයක් වෙච්චි ඇත්ත වියදම..

එකෙක් සල්ලි දීල බඩු ගන්න අතරෙ තව තුන් හතර දෙනෙක් "ගල්" කරනව.. ( ඒ කියන්නෙ හොරකම..)

දවසක් දා, මෙහෙමත් කතා වුනා යාළුවො ටික..

"මචං, අපි අද තරඟයක් තියමු,.. ඇද කැන්ටිමේ ලුණු මිරිසුයි, පොල් රොටියි තියෙනව,, සුවඳේ බෑ.. අද අපි සෙට් එකම ගිහිං කෑම ගන්න අතරෙ වැඩියෙන්ම රොටී උස්සන්නෙ කව්ද බලමු.. හැබැයි ඒව කන්න ඕනෙ පන්තියට ගෙනත් හැමෝ ඉස්සරහම,,, අහල පහල පන්ති වලත් අපි වගේම හිඟන්නො සෙට් එකත් එක විසිල් එකෙන් අපේ පන්තියෙ ඉඳියි..."

ඉන්ට්‍රවල් එකට බෙල් එක ගහපු ගමන් අපි වැඩේට බැස්සෙමු..


"ඇන්ටි, අයිස් පැකට් එකක් දෙන්න.. " කියල,
සල්ලි දීල ඉල්ලද්දි, අනෙත් ඇන්ටි එහාට මෙහාට හැරෙද්දි රොටී එකක් දෙකක් අපේ සාක්කු වල...

කොහොමිං කොහොම හරි අපි පන්ති වලට ඇවිත් අහල පහල උංටත් කතා කොරල බෙදාගෙන රොටී කන්නයි දැං හදන්නෙ..
ඔන්න එතකොටම අපේ එකෙක් ඉදිරියට ඇවිත් (ඒකා ප්‍රිෆෙක්ට් කෙනෙක්,, ඒ කියන්නෙ ශිෂ්‍ය නායකයෙක්..),,

"හරි, දැං ගනියව් බලන්ඩ එක එකා උස්සපු රොටී ගාන..." :014:

"හඩ්ඩා, උඹ?" :022:
- රොටී 2යි.. :dft012:

"කුඩ්ඩා, උඹ..?" :022:
- 1යි බං... :010:

"හිට්ලර්, උඹ?" :dft007:
- 3යි.. :008:

"ඔටුවා, උඹ කීයක් ඉස්සුව ද?" :58:
- 3යි.. :dft012:

"ඒයි කයිසාරුවත්තේ, උඹ කීයක් ද?" :dft007:
- 4යි.. හික්... :004:

"අඩෝ කට්ටා, උඹ?" :001:
- මාත් 4යි.. :dft003:
(කටුවාවලගේ යන්නෙන් බිඳී විත්, කට්ටා යනු එකල මා හැඳින්වූ ගෞරව නාමය වේ..)

-
-
-
-
-

:022: "හරි, දැං මෙතන ජයග්‍රාහකයො දෙන්නයි.. ඒ කියන්නෙ උඹල දෙන්නට ජයග්‍රහණය සම සම ව හිමි වෙනව.. හරිය..?"

සැණෙකින්, මා වගේ ම රොටී 4ක් උස්සමින් මාත් සමග කරට කර තරඟෙක නිරත වූ කයිසාරුවත්තේ ඉහත ජයග්‍රහණය සම වීම ගැන තීරණයට දැඩි ලෙස විරෝධය පල කරන්නට විය.. :002:

එම විරෝධයට කයිසාරුවත්තේගෙන් හේතු විමසත් ම,
"තරඟයේ නියම ජයග්‍රාහකයා වනාහී කයිසාරුවත්තේ ම බවට අපට මනාව පසක් වී තිබිණි.." :048:

මක්නිසාද,
අපි සියළු දෙනා විසින් රොටී පමණක් උස්සද් දී,
අපේ කයිසාරුවත්තේ පමණක් රොටී වැඩිම ගණනක් සමග ලුණු මිරිස් ද ඒ ඒ රොටිය වෙනුවෙන් වෙන වෙන ම බෙදා තිබූ හෙයිනි...
:001:

එසේ කලේ, පල් හොරු අපි සියළු දෙනාට පිළිවෙලට කන්නට දෙන්න ඕනෑ නිසා බව කයිසාරුවත්තේ විසින් මා හට පැවසූ අයුරු අද මෙන් මතක ය,. :041:


- ආදරණීය වෙබී




පසු සටහන:
හොරකම කියන්නෙ හොඳ දෙයක් නෙමේ.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ තියෙන විසේට ඒ කිසිම වගක් නැතිව, හැඟීමටයි ජොලියටයි වැඩ කලාට මොකෝ අපි උස් මහත් වෙද්දි ජීවත් වෙන්නෙත් ඒ සුන්දර මතකයන් එක්ක... ඉහත සිදුවීමට සම්බන්ධ කැන්ටිමේ ඇන්ටි අදටත් ජීවතුන් අතර.. 2008 වසරෙ දි ඇය දරුණු වකුගඩු රෝගයාට ගොදුරු වෙච්චි වෙලේ අපිට ආරංචි වෙලා සම්මාදමින් ලක්ෂ 11ක් එකතු කරල ඇයව සනීප කෙරෙව්වෙත් අපිමයි..

මං හිතන්නෙ කන්ටිමේ ඇන්ටි අපිත් එක්ක තරහ නෑ..
දාංගලේට අපි කිව්ව කෙරුව දේවල් වලට එයා සමාව දෙයි.. :dft006:




Image Version:


« Last Edit: November 20, 2010, 04:15:20 PM by w乇乃ᄊム丂イ乇尺® »
එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t